මිලදී ගන්න

අපේ නිෂ්පාදන

ඔබේ ගෙවත්ත සිහින උයනක් බවට පත්කරන්න. සරුසාර වගාවක් සඳහා අවශ්‍ය උසස්ම තත්ත්වයේ පැළ, බීජ සහ කාබනික පොහොර වර්ග විශ්වාසයෙන් යුතුව මෙතැනින් ලබාගන්න.

🌱 සිසු දෑතින් හැදෙන මේ නිෂ්පාදන සමඟින් ඔබේ වගා බිම අලුත් කරන්න. නැවුම් සහ ගුණාත්මක කෘෂි නිෂ්පාදන තෝරාගන්න.

පහළට යන්න
Products

අපේ නිෂ්පාදන පෙළ

ඔබේ වගාවට අවශ්‍ය සියල්ල එකම තැනකින්

තවාන් පැළ
තවාන් පැළ

ඔබේ ගෙවත්තට අවශ්‍ය එළවළු වර්ග රැසක්. කෘමිනාශක හෝ රසායනික පොහොර භාවිතයෙන් තොරව, අපේ සිසුන් විසින් මහත් ආදරයෙන් සහ සැලකිල්ලෙන් යුතුව සකසන ලද නිරෝගී, දේශීය සහ දෙමුහුන් එළවළු පැළ.

ඇණවුම් කරන්න
බද්ධ පළතුරු පැළ
බද්ධ පළතුරු පැළ

ඉක්මනින් ඵල දරන, ඉහළ ප්‍රමිතියකින් යුත් බද්ධ කළ පළතුරු පැළ. අඹ, රඹුටන්, පේර ඇතුළු අපේ දේශගුණයට ඔරොත්තු දෙන, අපේ කෘෂි ඒකකය මඟින් සහතික කළ විශිෂ්ට පැළ වර්ග අඩු මුදලට.

ඇණවුම් කරන්න
කාබනික කොම්පෝස්ට්
කාබනික පොහොර වර්ග

පසට ජීවයක් එක් කරන, 100% ක් ස්වාභාවික අමුද්‍රව්‍ය පමණක් යොදා නිපදවූ කාබනික කොම්පෝස්ට්. ඔබේ වගාවේ අස්වැන්න වැඩි කරගන්න සහ පසේ සාරවත් බව දිගුකල් පවත්වා ගන්න කදිම විසඳුමකි.

ඇණවුම් කරන්න
කෘෂි උපකරණ
කෘෂි උපකරණ

වගා කටයුතු පහසු කරවන, කල්පවතින උසස් තත්ත්වයේ කෘෂිකාර්මික උපකරණ. අත් මුල්ලු, අත් සවල්, මල් බාල්දි ඇතුළු කුඩා පරිමාණයේ ගෙවතු වගාවට අත්‍යවශ්‍ය උපකරණ සාධාරණ මිලකට.

ඇණවුම් කරන්න
වගා පත්‍රිකා
වගා පත්‍රිකා

සාර්ථක වගාවකට අවශ්‍ය නිවැරදි තාක්ෂණික උපදෙස්, රෝග සහ පළිබෝධ පාලන ක්‍රම අඩංගු වගා මාර්ගෝපදේශන පත්‍රිකා සහ අත්පොත්. නවක වගාකරුවන්ට මෙන්ම පාසල් දරුවන්ටත් ඉතා ප්‍රයෝජනවත් වේ.

ඇණවුම් කරන්න
බොන්සායි පැළ
බොන්සායි පැළ

නිවසට හෝ කාර්යාලයට කදිම අලංකාරයක් ගෙන දෙන, සිසු දෑතින් ඉතා ඉවසීමෙන් සහ කලාත්මකව නිර්මාණය කළ බොන්සායි පැළ. පරිසරයේ සුන්දරත්වය කුඩා අවකාශයක් තුළ විඳින්නට කදිම තේරීමකි.

ඇණවුම් කරන්න