අතීතයේ සිට වර්තමානය දක්වා ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික විකාශනය සහ එහි වැදගත්කම පිළිබඳ අධ්‍යයනයක්.
කෘෂිකර්මය යනු මිනිසාගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විද්‍යාත්මක සිද්ධාන්ත භාවිත කරමින්, සම්පත් කාර්යක්ෂමව සහ තිරසාර ලෙස යොදාගෙන බෝග වගා කිරීම, ගොවිපොළ සතුන් පාලනය හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසීමේ විද්‍යාවයි. මේ අනුව කෘෂිකර්ම ක්‍ෂේත්‍රයේ ප්‍රධාන අංශ දෙකකි. එනම්, බෝග වගාව සහ සත්ත්ව පාලනයයි.

මිනිසා දඩයම් යුගය සහ එඬේර යුගය පසු කරමින් ගොවි යුගයට පැමිණි බව මානව ඉතිහාසයෙහි සඳහන් වේ. දඩයම් යුගයේ දී සතුන් දඩයම් කර ආහාර සකසා ගත් මිනිසා, පසුව සතුන් හීලෑ කරන එඬේරකු බවට පත් විය. කාලයත් සමඟ ජලාශ හෝ ගංගා අසබඩ ස්ථිර වාසස්ථාන සකසා ගෙන බෝග වගා කරමින් සහ සතුන් ඇති කරමින් ගොවි යුගය ආරම්භ විය.
ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය තුළ කුඹුරු, ගෙවතු සහ හේන් වගා සහිත වූ සාර්ථක කෘෂිකර්මාන්තයක් පැවති අතර, රට සහලින් ස්වයංපෝෂිත විය. මෙය යැපුම් කෘෂිකර්මාන්තය ලෙස හැඳින්විණි.
"අහසින් වැටෙන එක දිය බිඳුවක් හෝ මිනිසාගේ ප්‍රයෝජනයට නොගෙන මහ මුහුදට ගලා යාමට ඉඩ නොතැබිය යුතු ය."
රජරට "වැව් බැඳි රාජ්‍යය" ලෙස හැඳින්වූ අතර, කෘෂිකර්මයට දැක්වූ සේවය නිසා මහසෙන් රජු "මින්නේරි දෙවියන්" ලෙස දේවත්වයෙන් පුදනු ලැබීය.
පරාක්‍රම සමුද්‍රය - පුරාණ වාරි තාක්ෂණයේ විශිෂ්ටත්වයකි.
මුලින් වර්ෂා ජලයෙන් කටයුතු කළ අතර, පසුව ග්‍රාමීය වැව්, අමුණු සහ ජල හැරවුම් මාර්ග ඉදිවිය. අනුරාධපුර යුගයේ අභය වැවෙන් (බසවක්කුලම) ඇරඹුණු වාරි තාක්ෂණය මහා පරාක්‍රමබාහු රජ සමය දක්වා සංවර්ධනය විය. එකිනෙකට සම්බන්ධ වැව් පද්ධති එල්ලංගා පද්ධතිය ලෙස හැඳින්විණි. ධාතුසේන රජු විසින් නිර්මාණය කළ සැතපුම් 54ක් දිග යෝධ ඇළ (ජය ගඟ) මෙහි සුවිශේෂී නිර්මාණයකි. වැව් බැම්ම, සොරොව්ව සහ ජල පීඩනය අවම කරන බිසෝ කොටුව වැව් තාක්ෂණයේ වැදගත් අංග විය.
තිස්ස වැව සහ දාගැබ - 'වැවයි දාගැබයි' සංකල්පය.

කුරුඳු, ගම්මිරිස් වැනි දේශීය බෝග අපනයනය කළ අතර, කුරුඳු වගාව ආරම්භ කරන ලදී. අන්නාසි, පැපොල්, රඹුටන්, දෙල්, මඤ්ඤොක්කා, මිරිස් වැනි බෝග රැසක් හඳුන්වා දෙන ලදී.
දේශීය කෘෂි ආර්ථිකයට දැඩි හානි සිදු විය. මුඩුබිම් පනත මගින් ගොවීන්ට ඉඩම් අහිමි විය. එම ඉඩම් වල කෝපි, තේ, රබර්, පොල් වැනි වැවිලි බෝග වගා කරන ලදී. දේශීය ආහාර නිෂ්පාදනය කෙරෙහි අවධානය අඩු වී සහල් ආනයනය කරන ලදී. මෙම වෙනස්කම් නිසා ස්වයංපෝෂිත ග්‍රාමීය ආර්ථිකය බිඳ වැටී වැවිලි බෝග මත පදනම් වූ ආර්ථිකයක් බිහි විය.
උඩරට තේ වගාව - යටත් විජිත සමයේ උරුමයකි.
ගොවි ජනපද සහ ගල්ඔය, උඩවලව, මහවැලි වැනි බහුකාර්ය යෝජනා ක්‍රම බිහි විය.
පොදු අරමුණු:
1960 දශකයේ අග භාගයේදී, කෘත්‍රිම පොහොර, කෘෂි රසායනික, නව යන්ත්‍රෝපකරණ සහ වැඩි දියුණු කළ බෝග ප්‍රභේද භාවිතය නිසා කෘෂිකාර්මික ඵලදායිතාව විශාල ලෙස වැඩිවීම "හරිත විප්ලවය" ලෙස හැඳින්වේ.
වැඩි අස්වනු දෙන බීජ
ගොවිපොළ යාන්ත්‍රීකරණය
නවීන වගා ක්‍රම
අවශ්‍ය අවස්ථාවක දී, අවශ්‍ය ප්‍රමාණයෙන්, නියමිත ගුණාත්මයෙන් යුතුව ආහාර ලබා ගැනීමට ඇති හැකියාව ආහාර සුරක්ෂිතතාවයි.
දළ දේශීය නිෂ්පාදනය (GDP) යනු රටක් තුළ වසරකදී නිෂ්පාදනය කරන සියලු භාණ්ඩ හා සේවාවල වටිනාකමයි. ප්‍රධාන අංශ තුනක් දායක වේ: කෘෂිකාර්මික, කාර්මික සහ සේවා.
| අංශය | 2008 | 2009 | 2010 | 2011 | 2012 |
|---|---|---|---|---|---|
| 1. කෘෂිකාර්මික අංශය | 12.1 | 12.2 | 12.0 | 11.1 | 11.1 |
| 2. කාර්මික අංශය | 28.4 | 28.6 | 28.7 | 29.3 | 30.4 |
| 3. සේවා අංශය | 59.5 | 59.3 | 59.3 | 59.5 | 58.5 |
මූලාශ්‍රය : වාර්ෂික වාර්තාව, ශ්‍රී ලංකා මහ බැංකුව - 2008-2012